ලග්ගල මහ දොස්තරට මරණ තර්ජන


ලග්ගල පල්ලේගම  ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී  එම්.ජි චමින්ද  කුමාර මහතාට පහර දී මරණිය තර්ජන එල්ල කළැයි   රෝහලේ කණිටු සේවකයකු ඇතුළු පස් දෙනකු  සැකපිට අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය කියයි.

 දිගින් දිගටම රෝහලේ  සිදුවන අනිසි  ක්‍රියාවන්ට  තමන් විරුද්ධවීම හේතුවෙන්  මෙම පහරදීම හා මරණිය තර්ජනය එල්ල කළ බව වෛද්‍ය අධිකාරීවරයා  පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වෙයි. සැකකරුවන් ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.