ලග්ගල පොලීසියේ හතක් වළට වැටෙති


ලග්ගල ප්‍රදේශයේ  අනවසර මැණික් පතල් ජාවාරම මැඩීමට  පොලීසිය බාධාවක් යැයි  කර්මන්ත සංවර්ධන   නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා  කළ ප්‍රකාශයකින් පසුව  ලග්ගල පොලීසියේ  නිලධාරින් හත් දෙනකු  වහාම ක්‍රියාත්මක වන පරිදි   ස්ථාන මාරු වීම් ලබා දීමට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  කේ පාලිත ප්‍රනාන්දු මහතා නියෝග කැර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා මාතලේ  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදු කර තිබිණි.

මේ පිළිබදව විමසීමේදී  පොලිස් අධීකාරිවරයා පැවසුයේ සිදු කළ අභ්‍යන්තර පරීක්ෂයකින් පසු මෙම නිලධාරීන් මාරු කළ බවත් තව දුරටත් මෙයට සම්බන්ධ නිලධාරීන් ලග්ගල හා විල්ගමුව පොලීසි වල සිටින්නේද සොයා බලා  ඒ පිළිබදව පරීක්ෂණ සිදු කරන බවයි.