ලග්ගල මැණික් ව්‍යාපාරික යු.ජී. මුතුබණ්ඩා මහතාගේ නිවසින් බදාදා රාත්‍රී මැණික් හා රත්තරං කොල්ල කෑ පිරිස නිවසට පැමිණ ඇත්තේ ඔහු දන්නා අදුණන පොලිස් සැරයන් වරයකුගේ නම කියමිනි. අඩුගනණේ කොල්ලකරුවන් පස් දෙනකුවත් එන්නට ඇතැ බවත් මුලින්ම ඔහුට මාංචු දමා පැය තුනක් පමණ නිවසේ මැණික් රන් හා සල්ලි සොයා ඇති බවත් කියති.
රුපියල් ලක්ෂ පනහක් පමණ මැණික්ද කෝටියක පමණ රන් හා සල්ලිද පැහැරගෙන ගොස් ඇත.
වෛරෝඩි ,රතු, නිල් , පුෂ්පරාග ,රබස් ,තෝර හා ගෙවුඩ මොහුගේ මැණික් අතර තිබෙන්නට ඇතැයි දැනගන්නට ඇත.කොල්ලකරුවන් වෑන් රියකින් පැමිණි බවට කියති.

