නකල්ස් හෙවත් දුම්බර මිටියාවතේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි ලකේගල කඳුවැටිය තරණය කරන්නට ගිය පිරිසකගෙන් කෙනකු මීටර 1310 පමණ උසකින් වැටී මියගිය බව පොලිසිය කියයි. මේ පිරිස කොට්ටාවේ සිට මීමුරේ බලන්නට ගිය බව කියති.
ලකේගල ත්‍රිකෝණාකාර පර්වතයකි. ලංකාපුරයේ රජකළ රාවණා රජු සිය දඬුමොණරය අහසට නැංවුයේ ලකේගල මුදුනින් යැයි මීමුර වැසියෝ විශ්වාස කරති.
මිය ගොස් ඇත්තේ මලිඳු රසදුන් පෙරේරා නමැති උපාධිධාරී තරුණයෙකි.




