සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශී‍්‍ර ලංකා පිල අතර මේ දිනවල පැවත්වෙන එක්දින තරගාවලියේ ලකුණු සටහන්කරන නිලධාරීන්ට කොළඹින් පිටතදී පැවැත්වෙන තරග සඳහා ගෙවනු ලබන අතිරේක දීමනාව ඩොලරයක ශ්‍රී ලංකා අගය රුපියල් 100 ක් ලෙස සළකා ගෙවනු ලබන බව වාර්තාවේ.
මෙම තරග සඳහාම විනිසුරුවන්ට ගෙවනු ලබන දීමනාවේ ඩොලරයක අගය රුපියල් 128 ක් ලෙස ගෙවනු ලබන බවද දැනගන්නට ඇත.
පුහුණු තරගයත් ඇතුළත්ව දකුණු අප‍්‍රිකානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරයට තරග 9 ක් ඇතුළත්ව ඇති අතර ඒ සඳහා ලකුණු සටහන්කරන නිලධාරීන් 23 දෙනකුගේ ලැයිස්තුවක් සකස් කර තිබේ.
ඩොලරයක වටිනාකම ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් 100 ක් ලෙස සළකා ගණනය කිරීමෙන් ලකුණු සටහන්කරන නිලධාරියකුට දිනකදී රුපියල් 800 කට වැඩි මුදලක් අහිමිවේ.
ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ වැඩිදුර තොරතුරු සඳහා
කෙළිමඬල වෙත පිවිසෙන්න