( ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඩුබායි හි රැකියාව සදහා ගොස් සිටි මොහු 29 හැවිරිදි ,ගාල්ල ,වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
රුපියල් 10,30,000 ක් වටිනා , ඩුබායි හි නිෂ්පාධිත " ටොප් මවුන්ටන් " වර්ගයේ දුම්වැටි 20,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 103 ක් තිබූ බව රේගුව පවසයි.
ඔහු අද (07 ) උදෑසන 10.30 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යෑමට ආසන්නව සිටියදී රේගු නිලධාරීන් ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම දුම්වැටි තොගය අත් අඩංගුවට ගෙන තිබේ .