ලක්ෂිකායි නෙත්මියි


 

ලක්ෂිකා ෆොන්සේකාගේ රංගන ජීවිතයට විසිපස් වසර සම්පූර්ණව තිබේ. මෙම කාලයේදී සිනමාව, වේදිකාව, සහ රූපවාහිනිය යන අංශ ත‍්‍රිත්වයටම රංගනයෙන් දායකවූ ලක්ෂිකා මේ දිනවල පේ‍්‍රක්ෂකයින් අතරට පැමිණෙන්නේ පොඩි මාමා, ස්නේහා, ද ලොජ් සහdh දෙවන වේදිකාව යන නාට්‍ය සමගය. එලෙසින් හමුවන ලක්ෂිකා සමග සිටින මේ අනෙක් යෞවනිය කවුද? ඇය නමින් නෙත්මි තත්සරණිය. නෙත්මි ලක්ෂිකාගේ කවුද? මේ හමුවෙදී ඒ ගැන දැනගත හැකිවේවි.

 

button ලක්ෂිකා රංගනයට සමීපව ගෙවී ගිය කාලය ගැන ආපසු හැරී බැලූවොත්?
මුලින්ම රඟපෑවේ චිත‍්‍රපටිවල, ඉන්පසුව වේදිකාවේ. නමුත් මට මගේ දක්ෂතා උපරිමයෙන් තිබුණත් සිනමාව වේදිකාව හෝ ටෙලිනාට්‍ය වෙතින් මීට වඩා මගේ දක්ෂතා වෙතින් වැඩගන්න තිබුණු බවයි මගේ හැඟීම.


button අධ්‍යක්ෂවරු ඔබගෙ දක්ෂතා හරි හැටි හඳුනාගත්තෙ නැති බවද කියන්නෙ?
අනිවාර්යයෙන්ම ඔව්, මීට වඩා මගේ දක්ෂතා වෙතින් රංගනය උකහා ගන්න තිබුණා.

etu
button ඇයි එහෙම නොවුණේ?
ඒක තමයි මටත් තියෙන ප‍්‍රශ්නය. එක්තරා කාලයකදී රූපවාහිනියෙ ඉහළම ජනප‍්‍රියත්වයක් ලබා සිටි අවස්ථාවේදීවත් මට දැනෙන තරමට හොඳ චරිත ඉදිරිපත් කිරීමට අවකාශය ලැබුණෙ නැහැ.


button ඔය කියන්නෙ කොයි කාලයේදීද?
95, 96, 97, 98 වගේ කාලවලදී ටෙලිනාට්‍ය ගණනාවක් කළා. ඉරහඳ යට, සක්විති කිරුළ වගේ ඒවා අතිශයින් ජනප‍්‍රිය වුණා. සක්විති සුවය චිත‍්‍රපටය ටෙලිමාලාවක් ලෙසින් සුරේෂ් අබේසේකර රූපවාහිනියට නිර්මාණය කළා. චිත‍්‍රපටයක් ටෙලිනාට්‍යයකට කළ පළමු වතාව එයයි. එදා චිත‍්‍රපටයේ සබීතා කළ චරිතය රඟපෑවේ මමයි. එදා මේ ටෙලිනාට්‍ය නැරඹූ ගාමිණී ෆොන්සේකා ශූරීන් එය සාර්ථකයි කියලා සුබපතලා පවා තිබුණා.


buttonවිවාහ ජීවිතයට ඇතුළත් වෙලා කොච්චර කල්ද?
අවුරුදු 18 ක් විතර වෙනවා.


button ඒ ගෙවී ගිය කාලය ගැන හිතෙන්නෙ කොහොමද?
ඒ ගෙවී ගිය කාලයේදී මට ලැබුණු ලොකුම සම්පත මගේ දුව නෙත්මියි.


button ඇය ගැන විස්තර කිව්වොත්?
මේ දිනවල පාසැල් අවසාන වාර විභාගය නිසා ඇය කාර්යබහුල වෙලා. ඇය ඉගෙන ගන්නෙ 8 වසරේ.


button මොනවටද ඇය දක්ෂ?
කලා අංශයේ බොහෝ දේවලට දක්ෂයි. රූපලාවන්‍ය අංශයටත් දක්ෂ බව පෙනෙනවා. මගේ රූපලාවන්‍යාගාරයේ වැඩ කටයුතු වලදී ඇයගෙන් ගොඩාක් උදව් ලැබෙනවා. සාරි මෝස්තර හැඩ දමන වැඩ බොහෝ විට කරන්නෙ දුව. ඇත්තටම එයාගෙ හිත තියෙන්නෙ ෆැෂන් ඩිසයිනින් වලටයි.

asvg
button නෙත්මි රගපෑමට ආසා නැද්ද?
අවුරුදු පහේදී විතර ළමා හඬ කැවීම් ශිල්පිණියක ලෙස රූපවාහිනී කාටුන් නිර්මාණවල දෙබස් කැවීම් වලට සහභාගී වුණා. ස්කූබි ඩූ සහ මහගෙදර, චිත්ති, පාරමි යන නාට්‍ය වලටත් එක්වුණා. සනත් ගුණතිලක මහතාගේ ”වන්ස් අපෝන් ටයිම්” නිර්මාණයටත් දායක වුණා. ප‍්‍රියා රණසිංහ ශිල්පිනිය කළ ”සත්සර නිම්නය” චිත‍්‍රපටයටත් එක්වුණා. ඊටත් අමතරව ආනන්ද අබේනායක මහතාගේ ”සිතිවිලි” මාලාවේ රඟපෑවා. වසූදා - මිනිපිරී ලෙස හිටියෙත් එයා. පසුගිය දිනවල සිවගුරුනාදන්ගෙ ”නිර්භීතයි අපි” චිත‍්‍රපටයේත් රඟපෑවා.


button ඉගෙනීම් එහෙම හොඳින් කරනවද?
ඔව්, සියල්ල සමබරව කරගෙන යනවා.


button නෙත්මි සහ ඔබ අතර බැඳීම මොන වගේද?
ඒක දුවගෙන්ම අහන්න.


button දු, අම්මා ගැන ඔබට කොහොමද හිතෙන්නෙ?
මේ වගේ අම්මා කෙනෙක් ලැබීම නිසා මම ගොඩාක් වාසනාවන්ත කෙනෙක් කියලයි හිතෙන්නෙ.


button ඇයි එහෙම කියන්නෙ?
අම්මා මට පුදුම විදියට ආදරෙයි. වෙලාවකට එයා මගේ හොඳම යෙහෙළිය වගෙයි.  ඕනෑම දෙයක් එයාට කියන්න පුළුවනි. මගේ ජීවිතයේ ප‍්‍රියතම චරිතය ඇයයි.


button අම්මා ගැන අපි නොදන්නා තවත් දක්ෂතා තියෙනවද?
පසුගිය කාලයේ අම්මා ගායනයට සමීපව කටයුතු කළා. දැනටත් ප‍්‍රසංග වලට දායක වෙනවා. ඒ වගේම රූපලාවන්‍ය කටයුතුවල නියැලෙනවා. පසුගිය කාලය පුරාවට අම්මා වෙතින් බොහෝ මනාලියන් හැඩවුණා. නමුත් අම්මාගෙ ඒ දක්ෂතා ගැන වැඩිදෙනෙක් දන්නෙ නැහැ. විශේෂයෙන්ම රූපලාවන්‍ය වැඩවලට හරිම දක්ෂයි. වෘත්තීය මට්ටමින් ඒ කටයුතු පවත්වාගෙන යනවා. ඉදිරියේදී ගීත ඇල්බමයකුත් එළිදක්වාවි.


button ඒ සියල්ලෙන් ඇය වඩා දක්ෂ මොනවට කියලද හිතෙන්නෙ?
රඟපෑමේ සිට කරන අනෙක් සියලූම දේට අම්මා ගොඩාක්ම දක්ෂයි.


button ලක්ෂිකා ඉදිරියේදී ඔබගෙ කටයුතු කොහොම වේවිද?
ඉදිරියේදී සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යාමේ අදහසක් තියෙනවා. රඟපෑමේ කටයුතුවලට අමතරව රූපලාවන්‍ය කටයුතු තවත් ව්‍යාප්ත කිරීම අරමුණයි.

sadun-gamage