කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල්වල සිසුන් පිරිසක් අතර ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනකු ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් දුලානි වීරතුංග මහත්මිය අද (16) නියෝග කළාය.
මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් 10 දෙනකුට ඇප දීමෙන් පසු ඔවුන්ගේ දෙමාපියන් ගෙන්වා දැනුවත් කර සිසුන්ට දැඩි අවවාද කර මුදා හරින ලදි. එක් අයකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප නියම කෙරිණි.

