ලක්ෂ හයක මත්කුඩු සමඟ ‘ඩිකී අක්කා’ අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
ග්‍රෑන්ඩ්පාස් අනූපහේ වත්තහන්දිය අසළ දී රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ‘තොටළඟ ඩිකී අක්කා’ නැමැත්තිය අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.   

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 295ක් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.   

මත්කුඩු චෝදනාවකට ලක්ව රිමාන්ඩ් බාරයේ පසුවන ‘තොටළඟ කළු අක්කා’ නමැත්තියට එම මත්කුඩු අයත් බව සැකකාරියගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී පවසා ඇතැයි එම නිලධාරීහු පැවසූහ.  

ඇය කොළඹ ෆර්ගියුසන් පාරේ පදිංචි  51 හැවිරිදි කාන්තාවකි.   

සැකකාරිය මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.