ලක්ෂ දෙකක ජරා කෑම වනසයි


බළන්ගොඩ නගරයේ හෝටල් සහ ආහාර අලෙවිසල් දාසයක් පරීක්‍ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු  කල් ඉකුත්වූ සහ කෑමට නුසුදුසු කුකුල් මස්  ඇතුළු රුපියල්  ලක්ෂ දෙකක ආහාර  විනාශ  කළහ.

බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිමල් චන්‍ද්‍රසිරි සහ බළන්ගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිමල් පේ‍්‍රමතිලක මහත්වරුන්ගේ මුලිකත්වයෙන් සබරගමු පළාත් සහ රත්නපුර දිස්ත‍්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරු මෙම වැටලීමට එක්වූහ.