(සිතුම් චතුරංග)
කිලිනොච්චිය සිට මොණරාගල දක්වා කේරළ ගංජා ග්‍රෑම් 1700ක් රැගෙනයමින් සිටි බව කියන පුද්ගලයකු වවුනියාව බස්නැවතුම්පලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික බවද පොලිසිය කියයි.
පොලිසිය පැවසුවේ සැකකරු කිලිනොච්චිය ප‍්‍රදේශයේ මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා ලබාගෙන මොණරාගල ප‍්‍රදේශයට ගොස් අළෙවි කරන බවයි.

