රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනා රන් බිස්කට් තුනහමාරක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට උත්සහ කළ ඉන්දියන් ජාතික රෙදිපිලි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායකදී රේගු නිලදාරීන් විිසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් රන් බිස්කටි වල බර ග‍්‍රෑම් 350 කි.
සැකරුවන් දෙදෙනා රෙදිපිලි ව්‍යාපාරිකයින් ලෙසින් ඊයේ මෙරටට පැමණ ඇති අතර අද සවස ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී 3310 ගුවන්යානයෙන් යලි ඉන්දියාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජෙවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ටී වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඩබිලවි.එමි ප‍්‍රසාදී, එන්.ඞී හෙට්ටිආරච්චි , රුවන් අල්විස්, පී.ජී ගුණවර්ධන, සී.පී බෝපගේ, අසංක ප‍්‍රියදර්ශන යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්. පාස්කරන් මහතා විිසින් සිදුකිරීමට නියමිතය.