ලක්ෂ තිහේ ගමන් මල්ලේ රහස හෙළි වේ


රුපියල් තිස් ලක්ෂ හැත්තෑ දහසක්  වටිනා රත්තරන් ගාංචු  6 ක්  ගමන්මල්ලේ සවිකරගෙන  ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.

සැකකරු  නිතර ඉන්දියාවට යන එන කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි රෙදි පිලි ව්‍යාපාරිකයෙකි. 
මෙම ගාංචු  රන් යැයි  හඳුනාගත නොහැකි ලෙස  කළු පැහැ ගන්වා තිබූ බව  රේගුව කියයි.
ගුවන්තොටුපොළ ආරක්ෂක විසින් රේගුවට ලබා දුන් තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ඞී.එම්.එන් විජේසිරි, ඒ.ඞී වික‍්‍රමසිංහ, එස්.එම්.ඞී.එච් ධර්මසිරි, එස්.එම් ගමආරච්චි, ආර්.පී.එමි පතිරණ යන නිලධාරීහු සිදු කරති.