ලක්ෂ ගණනකගේ සෝ සුසුම් මැද ජයලලිතා අවසන් ගමනේ


හින්දු චාරිත්‍රානුකූලව අවසන් ආගමික වතාවත් කිරීමෙන් පසු ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහඇමැතිනියගේ දේහය බහාලු මංජුසාව මරීනා වෙරළ අසබඩ සොහොනේ වළෙහි තැන්පත් කැරිණි.

චෙන්නායි නුවර මරීනා වෙරළින් මළ හිරු බැස යද්දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හඬා වැටෙද්දී ඇගේ දේහය එහි තැන්පත් කැරුණු අතර බොහෝ පිරිස් සිය ගෞරවය පුදමින් ඇගේ දේහය සහිත වළට මල්, සුවඳ පැන් ආදිය ඉසූහ.

ඇගේ දේශපාලන ගුරුවරයා හා සගයා වූ එම්.ජී.රාමචන්ද්‍රන්ගේ දේහය ද එම සොහොනේ තැන්පත් කැර ඇත.

සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඇගේ ආදාහනය සිදු කැරිණි.

Cy_NzxGVIAEXcTl Cy_UzEWUcAI-_92 Cy-5ObiVIAAMpy8 Cy-Nz_oVEAAhawV