ලක්ෂ අටක කුඩු සමග සැකකරුවෙක් අත්අඩංගුවට


රුපියල් ලක්ෂ අටකට අධික හෙරොයින් මත්කු ඩු ග්‍රෑම්110ක් සමග සැකකරුවකු රත්ගම අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ ඒකකයට අනුයුක්ත ගාල්ල ඒකකය කියයි. රත්ගම නයාගොඩ ඔහුගේ නිවසේදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ප්‍රදේශය පුරා කුඩු බෙදා හැර ඇති බවට දැනට කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත.