රුපියල් ලක්ෂ 90ක් වටිනා රන් බිස්කට් 18ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට ආ ශ්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරු මන්නාරම පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
ඉවතට ගත් රන් බිස්කට්වල බර ග්‍රෑම් 1800කි.
සැකකාර තරුණයා 2014 ජනවාරි මාසයේ පමණක් තුන් හතර වතාවක් ඩුබායි, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.
සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීන් විසින් පරීක්ෂා කරද්දී මේබව අනාවරණය කරගෙන ඇත.
ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ දීපාල් සිරිවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම් එම් සී පී මොහොට්ටිගෙදර මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අදිකාරී නිෂාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ මහත්වරු ඇතුළු පිරිසක් විමර්ශන සිදු කරති.