
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ 5 තිඹිරි ගස්යාය ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ නිවෙස් හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කොළඹ නගරයේ සුරා බදු කාර්යාලය කියයි.
එම සැකකරු සමග විවිධ විදේශීය මත්පැන් බෝතල් 337 ක් සුරා බදු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
බදු සතියට සමගාමීව සුරා බදු කොමසාරිස් ජනරාල් උදය කුමාර නියෝග මත බස්නාහිර පළාත් සහකාර සුරා බදු කොමසාරි ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ සුරා බඳු කාර්යාලයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත
.සුරාබදු කෝප්‍රල් (725) ධනංජය පුෂ්ප කුමාර මහතාවෙත ලද තොරතුරක් අනුව ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවස පිටුපසට වන්නට පිහිටි ගබඩා කාමරයක තුළ මෙම මත්පැන් තොගය ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබියදි සුරා බදු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත

