(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකෝට්ටේ වාලම්පුරි හා මැණික් විකිණීමේ මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ 70 ක් වටිනා වාලම්පුරි තොගයක් හා රුපියල් විසි පන් ලක්ෂයක මුදලක් සොරා ගෙන ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
එම මධ්‍යස්ථානයේ හිමිකරු මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් තම මධ්‍යස්ථානයේ සේවිකාවන් පස් දෙනෙකු මෙන්ම නිවසේ සහ ඔහුගේ ආරක්ෂාවට පුද්ගලයන් හත් දෙනෙකු සිටින බවට පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එම මධස්ථානයේ තුන්වැනි මහලේ විවේක කාමරයට කිසිදු සේවකයෙකුට යාමට තහනම් බවත් එය ඉබි යතුරු දමා වසා ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.අතුරුදන් වී ඇත්තේ එහි තිබූ වාලම්පුරි බව කියති.

