(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පිරිම් පුද්ගලයකුගෙන් සහ කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂ හැටක කප්පම් ඉල්ලූ බවට චෝදනාලත් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙක් මේ මස 23දින තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (16) සවස නියෝග කළාය.
පොලිසිය ඉදිරිපත් කළ මුල් තොරතුරු අනුව සැකකරුවන් දෙදෙනා එක් නඩුවකට රඳවා තබන ලෙස සහ අනෙක් නඩුවට සමථ මණ්ඩයට ඉදිරිපත් කරන ලෙස කළ නියමයන් දෙක පසුව නිල කාමරයේ දී යලි කැඳවා සංශෝධනය කරනු ලැබීය.
රැඳවුම් නියෝග නිකුත් කළ ද මෙම සැකකරුවන් වයස වැඩි නිසා රැඳවුම් නිවාසවල රඳවා ගැබීම ගැල්වක් බව බන්‍දනාගාර නිලධාරින් විසින් මහ්ස්ත‍්‍රාත්වරියට කළ දැනුම්දිමක් අනුව මුල් නියෝග මෙසේ වෙනස් කරනු ලැබිණි.
පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිසිය නිවැරදි තොරතුරු ඉදිරිපත නොකිරිම පිළිබඳව මහේස්ත‍්‍රාත්වරයි සිය අප‍්‍රසාදය ද පළ කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කෙරුණේ ඇඹිලිපිටිය පල්ලේගම පදිංචි වීරකෝන් ගමගේ හරේන් නව්‍ය සචින්ත (19) සහ ඇඹිලිපිටිය මොරකැටිය පදිංචි රත්නායක කංකානම්ලාගේ ටිරාන් තේජාන් රත්නායක (18) යන දෙදෙනාය.
ඇඹිලිපිටිය පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සැකකරුවන් දෙදෙනාට බී වාර්තා දෙකකින් කරුණු වාර්තා කර තිබුණි. ඉන් එකක් ඇඹිලිිපිටිය කෙළින් වීදියේ එච්.එම්. රංජිත් විජේසුන්දර යන අයට රුපියල් ලක්‍ෂ පනහක කප්පමක් ඉල්ලා සාපරාධී බලහත්කාරකමක් පෑමය. එය සමථ මණ්ඩලයට යොමු කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය. නමුත් එම නියමය පසුව ඇය වෙනස් කරමින් එම චෝදනාව සම්බන්‍ධයෙන් ද ඔවුන් දෙදෙනා රිමාන්ඞ්භාරයේ තැබීමට නියම කළා ය.
දෙවැන්න වූයේ ඞී.සංජීවනී සුබසිංහ යන අයට තර්ජනය කර රුපියල් ලක්‍ෂ දහයක කප්පමක් ඉල්ලීමය. මේ සිද්ධියේ දී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ විජිත පුංචිහේවා මහතා මෙම සිද්ධිය මේවසරේ මැයි 18 වන දින සිදුවූවක් බව පැවසීය. ඇඹිලිපිටිය පොලීසියේ පැමිණිල්ල ඇත්තේ එදින බවත් කප්පම් මුදල් ඉල්ලා සිටි සැකකරුවන් පැමිණිලිකාරිය විවිධ ස්ථානවලට රස්තියාදු කරමින් කප්පම ලබාගැනීමට වෙසෙවූ නමුත් පොලීසිය ඔවුන් පසුපස පන්නද්දී පැමිණිලිකාරිය හා කතාකළ දුරකතන සිම්පත සඟවා පළාගොස් සැඟව සිටි බව ද කීවේය.
පසුව ඇඹිලිපිටිය පොලීසිය විමර්ශන පවත්වා දුරකතනයේ ඉමි අංකය ඔස්සේ කළ විමර්ශනවලින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව කීවේ ය. මේ වසරේ උසස් පෙළ ලියූ සැකකරුවන් තරුණ ගැහැණු ළමයින් සමග පේ‍්‍රම සම්බන්‍ධතා ඇති කරගෙන ඔවුන්ගේ ඡායාරූප ගෙන්වමින් කප්පම් ඉල්ලා ඇති බව ද නීතීඥවරයා කීවේය.
ඒ අනුව මෙම සැකකරුවන් මේ මස 23 දින තෙක් රැඳවුම්භාරයේ තබන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියම කළා ය.
සැකකරුවන් වෙනුවෙන් නීතීඥ අරවින්ද සමරසිංහ, නීතීඥ ඉනෝකා සංජීවනී වීරසිංහ සහ නීතීඥ හර්ෂණී ගමගේ යන මහත්ම මහත්මීහූ පෙනී සිටියහ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මේ මස 23දිනට කල් තැබිණි.

