ලක්ෂ 600ක දුම්වැටි සමඟ හතරක් මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු  ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් කොළඹ අවට ප්‍රදේශයන්හි , එනම් වැල්ලම්පිටිය , දෙමටගොඩ , බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංච් වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන තරුණයන් පිරිසකි .

ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන්  හරිත මාවත ඔස්සේ , ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ද , එම ප්‍රයත්නයන් ව්‍යයර්ථ කර , ඔවුන් සිය ගමන් මලු 20 ක් තුළ අසුරා ගෙන තිබූ , විදේශීය නිෂ්පාදිත  දුම්වැටි ලක්ෂ 04 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,000 ක තොගය රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .