(ඉන්දිකා රාමනායක)
මහරගම නාවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ලක්ෂ 50 ක පමණ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 203, මිලි ග්‍රෑම් 170 ක් ජංගම දුරකථන 04 ක්, ඩිජිටල් තරාදියක්, ඇසුරුම් උපකරණ කට්ටලයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 34 වයසේ පසුවන (පානදුර චූටාන් සහ හිච්චා)යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
දැනට බන්ධනාගාර ගතව සිටින පානදුර කමල් කැමැත්තාගේ සහ දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශ වල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බඩෝවිට නලින් නමැත්තා ගේ ගෝලයන් බවත්, ඔවුන්ගේ මත්කුඩු මෙම සැකකරුවන් මෙම මහල් නිවසේ සිට පැකට් කර මෝටර් රථයකින් අවට ප්‍රදේශ වෙත බෙදා හරින බවද බව ද විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

