
(දෙහිවල එච් එම් ධර්මපාල)
මහා පරිමාණයෙන් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5කට අධික වටිනා ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරෝයින් ග්‍රෑම් 10 ක් රැගෙන ගිය ත්‍රිරෝද රථයද සමග නැදිමාල ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නාරාහේන්පිට පුදේශයේ පදිංචිව සිටින 42 හැවිරිදි පුද්ගලයකු වන අතර ත්‍රි රෝද රථ භාවිතාකරමින් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියැලෙමින් රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, බොරලැස්ගමුව, පිලියන්දල, කොහුවල යන ප්‍රදේශවලට බෙදාහැර ඇතැයිද අනාවරණය කරගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව දෙහිවල නැදිමාල ප්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂාවේදි ඈෂ් සහ හෙරොයින් ත්‍රිරෝද රථයේ හැඩලය තුළ සූක්ෂම ලෙස සඟවාගෙන නාරාහේන්පිට සිට ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ගැණුම්කරුවකු වෙත බාරදීමට යන අතරතුර මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
වැඩිදුර පරීක්‍ෂණ කටයුතු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඝෘජු අධීක්ෂණය මත ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් විසින් සිදු කරගන යනු ලබයි.



