(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු මෙහෙයවන හෙරොයින් මත්කුඩු ජාවාරමක නිරත වූ කාන්තාවක හා පුද්ගලයකු රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් 600ක් සමඟ පානදුරේ දී අද (12) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
පානදුර ප්‍රදේශයට හෙරොයින් මත්කුඩු බෙදාහරින පුද්ගලයකු මත්කුඩු පැකට් තොගයක් රැගෙන පානදුර වලානට පැමිණ සිටින බවට පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය ලද තොරතුරක් අනුව හොරොයින් මත්කුඩු පැකට් 400ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් ගෙන තිබේ.
එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මෝදර ප්‍රදේශයේ කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකට් ලබාදුන් බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.
තවත් මත්කුඩු පැකට් 400ක ඇණවුමක් ලැබී තිබෙන බවට සැකකරු ලවා එම කාන්තාවට දුරකථන ඇමතුමක් ලබා දී ඉන් පසු මත්කුඩු පැකට් 200ක් පමණ පානදුර නගරයට සවස හය පමණ විට රැගෙන එන බවට දැනුම් දී තිබිණි.

