ලක්ෂ 48 ක රන් ගාංචු රේගුවේ හිරවේ


නිතර නිතර ඉන්දියාවට යන බව කියන රාගම  ප්‍රදේශයේ දෙදරු මවක රන් ගාංචු 16 ක් සමග කටුනායකදී  සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක  රේගු නිවාරන අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 ඇය  ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත. ඇයගේ ගමන්මල්ලේ රන් ගාංචු සගවා තිබූ බව රේගුව කියයි. 

අත්අඩංගුවට ගනු ලැබූ රන් ගාංචු වල බර ග්‍රෑම් 800 කි.

මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහදව මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.