රුපියල් ලක්ෂ හතලිස් පහක මුදලක් නීති විරෝධී ලෙස තම ගමන් මළු වල සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද සවස අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංහයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 40 වියේ පසුවන පුද්ගලයෝ වෙති.
මින් එක් අයෙකු ලග රුපියල් ලක්ෂ තිහක්ද අනෙකා ලග රුපියල් ලක්ෂ පහලොවක් ද තිබු බව රේගුව කියයි.
ගුවන් මගියෙකුට රේගුවට ප්‍රකාශ නොකර ගෙන යා හැක්කේ රුපියල් විසිදහසක මුදලක් පමණක් බැවින් මොවුන් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මොවුහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරි බද්ධන මහතාගේ උපදෙස් මත නියොජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීහු සිදු කරති.

