කළුතර ජංගම දුරකථන අලෙවි නියෝජිතයකු සිය මෝටර් රියෙන් රුපියල් ලක්ෂ 44ක ජංගම දුරකථන හා රුපියල් ලක්ෂ 7ක මුදල් ද සමග කළුතරට යද්දී සිව් දෙනෙක් පැමිණ ඔහු පැහැරගෙන ගොස් කොළොන්නාවේදී මග දමා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඔහු සතු මුදල් හා ජංගම දුරකථන සමග ඔහුගේ මෝටර් රිය රැගෙන පළාගිය සැකකරුවන් ඇල්ලීමට සොයන බව පානදුර පොලිසිය කියයි.

