(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රාගම වැලිසර නගරයේ ජංගම දුරකථන අලෙවි සලක් කඩා රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා ජංගම දුරකථන තොගයක් සොරා ගත් සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සොරාගෙන තිබූ එම ජංගම දුරකථන තොගයද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 5වැනි දින අලුයම් කාලයේ සැකකරු එම වෙළඳසැල කඩා එහි අලෙවියට තබා තිබූ අයිපෝන් වර්ගයේ ජංගම දුරකථන හතළිහකට ආසන්න ප්‍රමාණයක් සොරාගෙන තිබිණි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් නවාතැන් ගෙන සිටින කටුනායක ආඩි අම්බලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජංගම දුරකථන දහතුනක් සොයාගැනීමට සමත් වී ඇත
සෙසු දුරකථන සැකකරු විසින් විවිධ පුද්ගලයන් වෙත ඉතා අඩුමිලට විකුණා ඇති බවත් ඒවාද සැකකරුගේ ප්‍රකාශ මත සොයාගත් බවත් පොලිසිය කියයි