ලක්ෂ 40 ක් සිසුන් රක්ෂණය කරයි


 ‘ශ්‍රී  ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන්  හතලිස් ලක්ෂයක් රක්ෂණය කිරීමේ වැඩසටහන  ඔක්තෝබර් පළමුවැනිදා  ලෝක ළමා දිනයේදී ආරම්භ කරන බවත් එහි පළමු අදියර කොළඹ රාජකීය විද්‍යාලයයෙන් පටන් ගන්නා බවත්  අධ්‍යාපන සේවා අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා පැවසීය.

රුපියල් අට කෝටියක වියදමින් කොළඹ රාජකීය විද්‍යාලයයේ  ඉදි කෙරෙන මහල් හතරකින් යුත්  නව හරිත ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අද (12) පැවති උත්සවයේදී අමාත්‍යවරයා එසේ කීය.