රුපියල් හතලිස් ලක්ෂ අසු දහසක් වටිනා විදේශ මුදල් සහිත පාර්සල් දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරු 48 හැවිරිදි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි රෙදිපිලි ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර බහරේන් ඩිනාර් 150, යුරෝ 6500, සෞදි රියාල් 31500, කුවෙට් ඩිනාර් 400, කටාර් රියාල් 2000, ස්විස් ෆ්‍රෑන්ක් 8000, ඕමාන් රියාල් 180 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිනාර් 11400 තිබු බව රේගුව කියයි.
සැකකරු මෙම මුදල් තොගය පාර්සල් දෙකකට සකස් කර මුලින්ම සුදු පැහැ කොළ වල ඔතා පසුව එයට උඩින් කළු පැහැ කොලවළ ඔතා උපත් පාලන කොපු තුළ බහා ගුද මාර්ගයේ සගවා තිබු බව රේගුව කියයි.
සැකකරු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට අද අලූයම තුනයි කාලට පමණ කටුනායකට පැමිණ ඇත. සැකකරුගේ ගුවන් ගමන් විස්තරය පිළිබඳ ඇතිවු සැකයක් මත රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කර ඇත.
එහිදී සැකකරු මුලින්ම පවසා ඇත්තේ තමන් ලග කිිසිවක් සගවාගෙන නැති බවයි. පසුව රේගු නිලධාරීන් විසින් එක්ස් කිරණ පරික්ෂාවට යොමු කරන බව සැකකරුට පවසා ඇති අතර එම අවස්ථාවේ ඔහු බියට පත්ව ගුද මාර්ගයේ මුදල් සගවාගෙන ඇති බව රේගුවට පවසා ඇත.
රේගුව විසික් දීර්ග ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම මුදල් මිතුරෙකු විසින් ලබා දුන් බවත් මෙම මුදල් ගෙනයාම වෙනුවෙන් තමන්ට ගුවන්ටිකට් පත සහ රුපියල් විසිපන්දහසක කොමිස් මුදලක් ඔහු විසින් ලබා දුන් බවයි.
සැකකරුගේ ගුවන් ගමන් විස්තරයට අනුව ඔහු අද ඩුබායි ගොස් හෙට ආපසු දිවයිනට පැමිණීමට නියමිතව තිබුන බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර එම විදේශ මුදල් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ජී.ජී
ප්‍රේමසිරි මහතාගේ මුලිකත්වයෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන තුෂාර පෙරේරා, සමිත ප්‍රේමතිලක, සිසිර පෙරේරා, සිසිර කුමාර, චින්තක කොට්ටච්චි, දිල්රුක්ෂි ගුණතිලක සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කළහ.



