ලක්ෂ 40 ක දුම්වැටි රාජසන්තකයි


රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා  විදේශීය දුම්වැටි 80200 ක් අබුඩාබි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචි වයස 21 සහ  22 වියැති තරුණයෝ වෙති.

මොවුහු ශ්‍රී ලාංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 208 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

මේවා  තුර්කියේ සහ ජර්මනියේ නිෂ්පාදිත වර්ග හතරක දුම්වැටි බව රේගුව කියයි.

රේගු නිලධාරීන්ට සැකකරුවන්ගේ හැසිරීම පිළිබඳ ඇති වූ සැකයක් මත ගමන් මලු පරික්ෂා කර තිබේ. තරුණයන් දෙදෙනා ගෙන ආ ගමන් මලු හයක තිබී මෙම දුම්වැටි තොගය සොයා ගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ  රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දර්ශණ සිල්වා මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධකාරීවරුන් වන එස්.ඒ.බී.කේ රොබවක, අනුර වික්‍රමනායක, පී ගුණසේකර, සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.පී සිරිල්, රවී සමරසිංහ, කුමාර ගුණතිලක සහ  ජී රෙංගරාජා යන  නිලධාරීහු සිදුකරති.

web_sigarate1011