ලක්ෂ 26ක රන් අර පැත්තෙන් එළියට


රුපියල්   විසි නව ලක්ෂ අනුදහසක් වටිනා රත්තරන් බිස්කට් දෙකක්  ශරීරයේ සඟවාගෙන චෙන්නායි බලා  යාමට ආ  ශ්‍රී ලාංකික කාන්තාවක්ක (46)  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක  රේගු නීති අංහයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී  මහතා කියයි.

අත්අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් දෙකෙහි බර ග්‍ර්‍රෑම් පන්සිය අනුහයකි.

ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී අචල චන්ද්‍රසේකර මහතාගේ මෙහයවීමෙන්  සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර පෙරේරා, වයි. කුලසේකර, සෙනාලි ලොකු බාලසුරිය, ලලිත් දුෂ්‍යන්ත, ඩී.ඩී අමරසිංහ සහ ලසන්ත පෙරේරා යන නිලදාරිහු විමර්ශන සිදු කරති.