හෙරොයින් මත් කුඩු තොග වශයෙන් ගනැවිත් මිලි ග්‍රෑම් 20 පැකට්සේ ඔතා නිට්ටඹුව, වේයන්ගොඩ, මීරිගම, තිහාරිය, බෙම්මුල්ල, පස්යාල ඇතුළු ප්‍රදේශ ගණනාවකට බෙදා හරින බව කියන පුද්ගලයකු නිට්ටඹුව උනගහදෙනියේ නිවෙසක් වටලා මත් කුඩු ග්‍රෑම් සියයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෙරොයින් තොගයේ වීදි වටිනාකම රුපියල් විසි පන් ලක්ෂයක් බව ද පොලිසිය සදහන් කරයි.