නාපොලි නුවර පදිංචි ජා ඇල තරුණයෙකුගේ(24) දුකාති යතුරු පැදියක් සොයාගත් බව නාපොලි පොලිසිය කියයි. සී සී 1000 ධාරිතාවයක් ඇති එම යතුරුපැදියේ බිල යුරෝ 10000 (රුපියල් 1720000) කි.
එම යතුරු පෑදියේ කිසිදු ලියවිල්ලක් ශ්‍රි ලාංකික තරුණයා සතුව නොතිබූ නිසා එය සොරකම් කරන ලද යතුරු පැදියක් බවට සැක කල හැකියැයි නාපොලි පොලිසිය පවසයි.
තරුණයා මේ වනවිට පොලිස් අත් අඩංගුවේ පසුවෙයි. පසුගිය වර්ශයේදි පමණක් නාපොලි නගරයේ මෙවැනි වටිනා යතුරු පැදි 400ක් පමණ සොරකම් කළ බවට පොලිසියට පැමිණිලි ලෑබි තිබේ. නාපොලි නගරයේ කන්ටෙනර් බඩු ප්‍රවාහයය කරන ශ්‍රි ලා0කිකයින් දෙදෙනෙකුගේ කන්ටෙනර් පෙට්ටියක් තුළ තිබි යතුරු පෑදි 20ක් හසු වූ පුවතක් එසැණ මෑතකදී අනාවරණය කළේය.