ලක්ෂ 17 ක රන් රාජසන්තකයි


චෙන්නායි හා බැංගලෝර් බලා යාමට පැමිණි මීගමුව හා බණ්ඩාරගම දෙදෙනකු ළඟ සඟවාගෙන තිබු  රුපියල් ලක්ෂ දාහතක පමණ රන් රාජසන්තක කැර රුපියල් තිස්පන්දහසක දඩ ගැසු බව රේගුව කියයි.

මීගමුව මගීයාගේ අත් දිග කමිසයේ රන් කැබැල්ලක් අලවා තිබු අතර බණ්ඩාරගම මගීයාගේ බෑග් හැඩලයේ කාබන් කොලවල ඔතා රන් කැබලි තුනක් සඟවා  තිබිණි.