ලක්ෂ 16 ක දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට


( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරනලද රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු. මෝදර නවගම් පුර  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.

එම සැකකරු සමඟ  කාටුන් 96 ක අඩංගු දුම් වැටි 20000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. මෝදර පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් නවගම් පුර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටියදී සැකකටයුතු ලෙස ගැවසුන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි නිවස පරික්ෂා කිරීමේදී මෙම දුම් වැටි තොගය  හමුවී ඇත.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට දින කීපයකට  ඉහතදී ඩුබායි රාජ්‍යයට ගොස් නැවත පැමිණීමේදී  මේවා රැගෙනආ බවට ප්‍රකාශ කර ඇත.