ලක්ෂ 15 ක හලෝ කම්බි කුණු කොල්ලෙට විකුණලා


අවිස්සාවේල්ලේ කොස්ගම දී රුපියල් ලක්ෂ පහළොවක පමණ දුරකතන කම්බි කපා  ඔරුගොඩවත්තේ හා හංවැල්ලේ පරණ යකඩ බඩු කඩවලට රුපියල් විසිපන්දහසකට විකිණු බව  කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කොස්ගම ස්ථාන හයකින් මීටර් 1800 ක තඔ කම්බි කපා ඇතැයි ද කියති.කුඩුවලට ඇබ්බැහිවුන් මීට සම්බන්ධ දැයි පොලීසිය සොයයි.