ලක්ෂ 15 ක කුඩු සමඟ ’දළුපොත රොකී’ අත්අඩංගුවට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලිව් හියුබට් ප්‍රනාන්දු)

මීගමුව ප්‍රදේශයේ  මත්කුඩු විකිණීමෙහි යෙදී සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 15ක් පමණ වන  හෙරොයින් ග්‍රෑම් 105 ක්  සමග අද (8)   අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.

දළුපොත බුලුගහ හන්දිය හංදිය අසලදී  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන  'දළුපොත  රොකී' නැමැත්තෙකි.

මීගමුව පොලිසයේ  දුෂණ මර්ධන අංශයට අනුයුක්ත  පොලිස් කොස්තාපල් 77769 ප්‍රනාන්දු මහතාට  ලැබුණු තොරතුරක්  අනුව  මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.

පොලිස් පිරිස   සැකකරු අත්අඩංගුවට ගෙන  සෝදිසි කිරීමේදී  මෙම හෙරොයින් තොගය හමුවී ඇත්තේ  සැකකරුගේ ඇඳුමේ සගවාගෙන සිටියදීය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමෙන්  ලබාගත් බවට සැක කරන රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද ජංගම දුරකථන දෙකක් ද දෙකක් ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය ලබා ගන්නා ලබා ගන්නා ආකාරය හෙළි කර ගැනීමට හා ඒවා බෙදා හරින ස්ථාන අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ  පවත්වයි.