ලක්ෂ 15 ක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී


සෞදි අරාබි රජය විසින්  අනවසරික විදේශිකයිනට   ලබා දී ඇති පොදු සමා කාලය  යටතේ  මේ වන විට  ලක්ෂ 15 කට අධික පිරිසක්  තම ලියකියැවිලි  නිත්‍යනුකූල කැරගෙන  ඇතැයි සෞදි අරාබි  කම්කරු අමාත්‍යංශය කියයි.

ඒ අනුව  පසුගිය සති අටේදී  මෙම සහන කාලයෙන් ප්‍රතිලාභ  ලබා ඇති විදේශිකයින්ගේ ප්‍රමාණය  පහළොස් ලක්ෂ අසු එක් දහස් දෙසිය විසි හතක්  වන අතර  අලුත් වැඩියා කිරිමේ බලපත්‍ර  ලබා ගත් සංඛ්‍යාව  නව ලක්ෂ විසි හයදහස් තුන්සිය එකක් බවද සදහන් වෙයි.

මෙම කාලයේදි   තම සේවා යෝජකයන් වෙත මාරු  කළ අයගේ ගණන තුන් ලක්ෂ  ලක්ෂ විසි නව දහස්  හාරසිය හැට අටක්  වන අතර  එය ප්‍රතිලාභ  සංඛ්‍යාව සියයට විසි එකක් බවද කම්කරු අමාත්‍යංශය  සදහන් කරයි.

අතර  සියයට විසි එකේ සිට   සියයට පනස් නවයක ප්‍රමාණයක්  තම රැකියා ව මාරු කැර ගනිමින්  වැඩ කිරීමේ බලපත්‍රයක්  දීර්ඝ කැර  ගෙන ඇති බවද  සෞදි අරාබි කම්කරු අමාත්‍යංශය පවසයි.

මේ අතර රියාද් හි  පිහිටි ඉන්දියා තානාපති කාර්යාලයයේ  නියෝජ්‍ය තානාපති  සිබී ජෝර්ජ්  මහතා ඇරැබි නිව්ස්  වෙත පවසා ඇත්තේ  හතලිස් දහසක් පමණ ඉන්දියානුවන්   මේ වන විටත්  තම ලියැකියැවිලි නිත්‍යනුකූල කැර ගෙන ඇති බවත්   හතලිස් දහසක පමණ ඉන්දියානුවන් සදහා සදහා විවිධ ආයතන හා   කර්මාන්ත ශාලාවන් හි රැකියා ලබා දීමට  ඉන්දියා තානාපති කාර්යාලය හා කොන්සියුලර් කාර්යාලය   කටයුතු කැර ඇති බවද ඔහු පවසයි.

කෙසේ වුවද ඉන්දියා ජාතිකයන් යම් ප්‍රමාණයක් සෞදියෙන් පිට විම සදහා  තාවකාලික බලපත්‍ර  ලබා ගත් බවයි.

පොදු සමා කාලයෙන් ප්‍රතිලාභ ලැබු  ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණයන් තාවකාලික  ගමන් ලියැවිලි ලබාගෙ ඇති අතර  මේ දින වල ආගමන විගමන  කාර්යාල තුළ  ශ්‍රී ලාංකිකයින්  ඇතුළු විදේශිකයින්  විශාල වශයෙන්  පෝලිම් ගැසී  සිට්නු දැක ගත හැක.

 මේ අතරම ජුලී 03 වැනි දිනට  පොදු සමා කාලය අවසන් කරන බව  ප්‍රකාශ කරන සෞදි කම්කරු අමාත්‍යංශය  නීතීය තදින් ක්‍රියාත්මක කරන බව  දේශිය ජනමාධ්‍ය  මගින් ප්‍රකාශ කර සිටී.

 පසුගියදා සෞදි අරාබියේ  නිළ සංචාරයක නිරත වු  බංගලිදේශ  විදේශ කටයුතු ඇමති  සෞදි අරාබියේ දෙවැනි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හමුවි සාකච්ඡා කිරීමෙන්  ඉල්ලා සිටියේ  තම රටේ පුරවැසියන්ගේ ලියැකියැවිලි  නිත්‍යනුකූල කැර ගැනීම සදහා  සහන කාලය දිර්ඝ කැර ගැනීම  උදෙසා  සෞදි අරාබියේ රජතුමාගෙන් ඉල්ලා  සිටින ලෙසයි.

 කෙසේ වුවද සෞදි අරාබියේ වෙසෙන  දහස් ගණනක්  ශ්‍රී ලාංකියින් පිළිබදව  සහන සැලැසීම උදෙසා  කිසිදු ශ්‍රී ලාංකික රාජ්‍ය  නිලධාරියකු   සෞදියට පමිණ සොයා  බැලීමක් සිදු නොකරන බවද  කියති.