ලක්මාලි - මධුරංග පින්ලන්තයේ පුහුණුවකට යති


පින්ලන්තයේදී නේවාසික පුහුණුවීම් හැදෑරීම සඳහා ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූරී නදීකා ලක්මාලි සහ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර සමිත් මධුරංග හෙට (6) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයේ අනුග‍්‍රහයෙන් එහිදී ඔවුන්ට එම සංගම් විසිකිරීමේ ඉසව් පුහුණු මධ්‍යස්ථානයේදී මසක නේවාසික පුහුණුවීම් හැදෑරීමේ අවස්ථාව හිමිවන බව මලල කී‍්‍රඩා සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ජී. එල්. එස්. පෙරේරා මහතා ‘ලංකාදීපය’ට පැවසීය.

අනතුරුව ඔවුන් එහි සිට කෙළින්ම ඉන්දියාවේ පුනේ නගරයේදී පැවැත්වෙන 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට තරග වැදීම සඳහා එහි සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය. ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය ජූලි 4 වැනිදා සිට පැවැත්වේ.