අවසන් යුද සමයේදී ආරක්ෂක අංශ විසින් කොටි නිවේදිකාවක වූ ඉසෙයිප්‍රියා අමානුෂිකව ඝාතනය කළ බව පෙන්වමින් නිර්මාණය කළ ‘පෝර් කලත්තින් ඔරු පූ‘ නම් චිත්‍රපටයේ අධ්‍යක්ෂට හා නිෂ්පාදකට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඉන්දියා අධිකරණයක් අද නොතීසි නිකුත් කර තිබේ.
මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක කරගත් ඉසෙයිප්‍රියා නම් කොටි රූපවාහිනී නිවේදිකාවගේ මව සහ සොහොයුරිය විසින් චෙන්නායි මහාධිකරණය වෙත ගොනු කැරුණු පෙත්සමක් මත ලබන පෙබරවාරි හතර වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රපටය හදද්දී ඉසෙයිප්‍රියාගේ චරිත ඝාතනය වන අයුරින් එය සකසා ඇතැයි මේ නඩුව පවරා ඇත.

