කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව අල් රහ්මා පුණ්‍යායතන කමිටුව නොමිලයේ වෛද්‍ය සායනයක් පවත්වා බෙහෙත් නොමිලයේ බෙදා දුන්නේය.
ශ්‍රී ලංකා තානාපති සී ඒ එච් එම් විජේරත්න මහතා කුවේට් ටයිම්ස් පුවත්පත සමග පැවසුවේ කුවේට්හි එක් ලක්ෂ තිස් දහසක් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් වසරකට හැටක් හැත්තෑවක් මිය යන බවයි. ඊට හේතුව වශයෙන් ඔහු දැවූයේ ඔවුන් වසරකට වරක්වත් වෛද්‍ය පරීක්ෂණයක් නොකර ගැනීම බවයි.
‘ලංකාවෙ අපගේ පුරුද්ද වී ඇත්තේ අසනීපයක් නැත්නම් දොස්තර ළඟට නොයෑමයි. කුවේට්හි සිටින වැඩිම ජන කොටස් අතරින් ශ්‍රී ලාංකිකයන් එකරම් ප්‍රමාණයක් මිය යෑම වැඩි බව ද ඔහු කියයි.
ඉන්දියා තරුණයන්ගේ ද සහායෙන් සායනය පැවැත්විණි.
අල් රහ්මා කමිටු විධායක කළමනාකරු දොස්තර සලේ මලල්හා පැවසුයේ වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය අය රෝහල්වලට යවන බවයි.
තම පුණ්‍යායතනය මාසයකට දෙවරක් අඩු ආසායම් ලාබීන් වෙනුවෙන් මෙවැනි සායන බවත්වන බවත් ඔහු කීවේය.