ලක් සිසුනට පරණ හාම්පුතාගෙන් සහනයක්


ශ්‍රි ලංකාව ඉංදියාව ඇතුළු රටවල් කිහිපයක සිසු සිසුවියන් එන්ගංතයේ වැඩිදුර අධ්‍යාපනය හෑදෑරිමට යෑමෙදි පවුම් 3000ක (රුපියල් 639000 )මුදලක් නොවැම්බර් මාසයේ සිට අයකර ගැනිමට එරට රජය ගෙනා යොජනාව ඔවුන් විසින්ම නවතා ද ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට පැවසීය.

මෙම යොජනාව ක්‍රියාත්මක නොකරන ලෙසට එරට විදෙශ අමාත්‍යංශය හා අභයන්තර කටයුතු අමාත්‍යංශයෙන් ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටි බවත් ඒම යොජනාව ක්‍රියාත්මක නොකිරිමට එංගලන්ත රජය ගත් තිරණය පිලිබදව ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය එරටට ස්තුතිය පුදකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෑවසීය.