ලක් සරණාගතයෝ 30ක් යළි එති


යුද සමයේ සරණාගතයන් ලෙස තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් 30 දෙනකු ලබන 18 වැනිදා  යළි දිවයිනට  පැමිණීමට නියමිත බව නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික අමාත්‍යාංශය පවසයි.

පවුල් 11 කට අයත් මෙම පිරිස තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ සිට පැමිණෙන අතර ඔවුන් සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් එනු ඇත.