ලක් සරණාගතයා දැරියක කෙළෙසා උසාවියේ


පහළොස් හැවිරිදි දැරියක දෙවරක් කෙළෙසීයැයි සැකපිට ඕස්ට්‍රේලියාවට ගිය සරණාගතයෙක් චෝදනා ලැබ සිටියි.

ජේ ඒ අප්පුහාමි (25) වසරකට පෙර ඕස්ට්‍රේලියාවට ගොස් සරණාගත තත්ත්වය බලාපොරොත්තුවෙන් සිටී.

ඔහු ඇප දීම බ්ලැක්ටවුන් මහේස්ත්‍රාත් විසින් ප්‍රතික්ෂේප කර ඇත. පල්ලියකදී හමු වූ දැරිය ඇගේ කැමැත්ත නැතිව ඇය දෙවරක් කෙළෙසා ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය.

ඔහු වරදකරු වුවහොත් ශ්‍රී ලංකාවට වහාම පිටුවහල් කිරීමට ඉඩ ඇත.

පොලිසිය කියනුයේ පැමිණිල්ල ඉතා ශක්තිමත් බවයි. මෙවැනි වරදකට වසර 25ක් දක්වා සිර දඩුවම් නියම කළ හැකි බවත්, ඊළඟ නඩු විභාගය සැප්තැම්බර 19 වැනිදාට කල් තැබූ බවත් උසාවිය ආරංචි කියයි.