කොටි සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු පුද්ගලයෙකුට ජර්මනියේ හැම්බර්ග් අධිකරණය විසින් මාස 18 ක අත්හිටවූ සිරදඬුවම් නියම කොට ඇතැයි ප‍්‍රංශ පුවත් සේවා සඳහන් කරයි.
මෙලෙස අත්හිටවූ සිර දඩුවම් නියම වූයේ ජී.යෝගේන්ද්‍රන් (53) ට එරෙහිවය.මොහු 2007 වසරේදී ජර්මන් පුරවැසිභාවයද ලබාගත් අයෙක් බව කියති.
ජර්මනිය තුළ තහනම් සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය සැලකෙන අතර මෙම පුද්ගලයා 2007 සිටි 2009 දක්වා කාලයේ ජර්මනියේ හැම්බර්ග් නුවර අවට විවිධ ක‍්‍රියාකාරකම් වලින් එම සංවිධානයට අරමුදල් සැපයීමේ චෝදනාවට ලක්ව ඇත.
මේ කාලයේදී මොහු ඇමෙරිකා ඩොලර් 88000 කට ආසන්න මුදල් එල්.ටී.ටී.ඊය වෙත ලබා දී ඇති බවද ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනාවන්හි දැක්වා ඇති බැව් වාර්තාවේ.

