එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩංගුවට පත්ව රිමාන්ඞ් බාරයට පත් කෙරුණු මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයා මේ වන විට මුදාහැර ඇතැයි ඩුබායි ආරංචි පවසයි.
සාජා බලධාරීන් සඳුදා (24) ඔහු මුදා හරිනු ලැබ ඇතැයි කියති.
නෙදර්ලන්තයේ සංචාරයක් සදහා එම ව්‍යාපාරිකයා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඉකුත් 22 වැනිදා රාත‍්‍රියේ ඔහු ඩුබායි ගුවන්තොටපළෙන් වෙනත් ගුවන් යානයකට පිවසීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට පත් විණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පිහිටි තම්හලක අවුලක් සම්බන්ධයෙන් සමීපතම නෑයෙකු සමග පැවති නඩුවකදී කූට ලේඛන ඉදිරිපත් කිරීම මොහු අත්අඩංගුවට ගැනීමට හේතුව බව වාර්තා වෙයි.