සාජා නුවර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඩිරාම් 82000ක (රුපියල් 2838840) රන් බඩු සොරාගෙන එද්දී සාජා ගුවන් තොටේදී අත්අඩංගුවට ගත් බව සාජා පොලීසිය කියයි.
ඇය ආසියා ජාතිකයකුගේ නිවෙසේ සේවය කරද්දී මෙම රන් බඩු සොරා ගන්නට ඇතැයි පොලීසිය කියයි.
නිවැසියන් ගෙදර නොසිටි අවස්ථාවක ඇය ශ්‍රී ලංකාවට ඒමට පිටත් වී ඇත. ශ්‍රී ලංකාවේ තවත් ගෘහ සේවිකාවන් දෙදෙනකු ද ඇයට උදව් කරන්නට ඇතැයි පොලීසිය පවසයි. රන් බඩු හිස් කිරි ටින් එකක දමා තිබිණි.
ඉන් එක් සේවිකාවක මීට පෙර ගෙදර සේවයෙන් නෙරපා ඇතැයි ද කියති. ඇය ළඟ එම ගෙදර හොර යතුරු තුබූ බව ද දැනගන්නට ඇත.

