ලක් රජයට තව දිනුමක්


යුරෝපා සංගමය විසින්  කොටි සංවිධානය නැවත වතාවක් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් ජයග්‍රහණයකියි බෙල්ජියමේ ,බ්‍රසල්ස් හි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පැවසීය.

යුරෝපා සංගමයේ අධිකරණයක් ඉකුත් ඔක්තෝබර 15 වැනිදා කොටි සංවිධානය තහනම් සංවිධානයක් නොවන බවට කළ නියෝගය ඉවත දැමු යුරෝපා කවුන්සිලය මෙම තහනම ස්ථිර කැර ඇත.

ඉකුත් වසරේදී යුරෝපා සංගම් සාමාන්‍ය අධිකරණයක් විසින්  කොටි සංවිධානයට එරෙහිව පැවැති තහනම ඉවත් කරමින් ලබා දුන් තීන්දුව යළි සලකා බලන්නැයි එවකට විපක්ෂ නායකවරයාව හුන් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයෙන් විශේෂ ලිඛිත ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම මත දිගින් දිගටම හිඳිමින්  විදේශ අමාත්‍යංශය මංගල සමරවීර මහතා ප්‍රමුඛ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය  එක්ව කොටි සංවි‍‍‍ධානය ය‍‍ළි තහනම් කිරීමේ මෙහෙයුම් යුරෝපා සංගමය තුළ දියත් කළ බවද යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපතිවරයා  පැවසීය.