නැව් වලින් හෝ වෙනත් මාර්ගවලින් මුහුදට එකතුවන තෙල් ඉවත් කර ශ්‍රී ලංකා මුහුද ලස්සනට තබා ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබඳ ජපන් ඒජන්සිය අද (29) මුතුරාජවෙල දික්ඕවිට ධීවර වරාය ආසන්නයේ ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්වීය.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති හා ජපාන වෙරළාරක්ෂක බළකායේ උප අද්මිරාල් හිරෝ යුල්ඩ් නකානෝ මේ අවස්ථාවට එක්වූහ.
ලොව පරිහරණයට ගන්නා ඉන්ධන වලින් 25%ක් හෙවත් ටොන් කෝටි 55ක තෙල් මුහුදු මගින් වසරකදී ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කෙරේ.





