එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බලාපොරොත්තුවන බව එම පුවත්පත් නිවේදනයකින් කියයි.
ඔහුට සුභ පැතීම සඳහා පසුගියදා ලන්ඩන් නුවරදී එජාපා ශාඛාවේ නිලධාරී මණ්ඩලය රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
ශාඛා සමිතියේ වාර්ෂික රැස්වීම පැවැත්වෙන තුරු දිලාල් තිලකරත්න සභාපති ධුරයේ වැඩබැලීමට පත්කර ඇති බවද එම නිවේදනයෙහි දැක්වෙයි.
ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන එජාප ශාඛා සමිති දෙකක් ඇත. මේ සියලුදෙනාම බොහෝ කලක සිට එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු සඳහා සම්බන්දවී කටයුතු කර ඇත.
පසුගිය මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය උදෙසාද පක්ෂ ශාඛා දෙකම සම බරව උදව් කළේය..


